Breaking
Loading...

Cloud computing භාවිතා කිරීමේ වාසි -


* අන්තර්ජාලය හරහා මෘදුකාංග සමඟ සම්බන්ධ වීමේ හැකියාව.
* ඕනෑම මොහොතක online මඟින් මෘදුකාංග යාවත්කාලීන කිරීම,වෙනස් කිරීම හා මෙහෙයවීම සිදුකල හැකිවීම.
* ලොව ඕනෑම තැනක සිට තම cloud ගිණුමට සම්බන්ධවීමේ හැකියාව.
* භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය කුමක් වුවද භාවිතයේ පහසුකම.
* ඕනෑම මොහොතක තාක්ෂණික සහය අන්තර්ජාලය හරහා ලබාගැනීමේ පහසුකම.
* ලිපිද්‍රව්‍ය,ගොඩනැගිලි  හා ගෘහ භාණ්ඩ වියදම්, වැටුප් ගෙවීම වැනි අනවශ්‍ය වියදම් අඩු කරගත හැකිවීම.
* කුඩා හා මධ්‍යම පරිමානයේ ව්‍යාපාර වලට ස්ථාවරව,තනිවම දියුණු වීමට අවස්ථාව ලැබීම.

Cloud computing භාවිතා කිරීමේ අවාසි -

* ආරක්ෂාව සහ පුද්ගලිකත්වය  - cloud computing වල ඇති ප්‍රධානම අවාසිය වන්නේ මෙයයි. එනම් cloud computing සමඟ සම්බන්ධ වන අයගේ පුද්ගලික සහ සංවේදී තොරතුරු cloud computing සේවා සපයන තුන්වැනි පාර්ශවයන් අතට යාම තුලින් එම තොරතුරු වල ආරක්ෂාව සහ පුද්ගලිකත්වය නැති විය හැකිය. නමුත් බොහොමයක් cloud computing සේවා සැපයුම් කරුවන් තම පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වේ.
* Cloud සේවා සපයන ආයතන වල ඇති පද්ධතිවල සිදුවන අඩුපාඩු සහ බිඳවැටීම් නිසා විය හැකි හානි.
* Cloud තාක්ෂණය පිළිබඳව හොඳ දැනුමක් නොමැතිවීම නිසා භාවිතා කරන්නන් විසින් අඩුපාඩු සිදුවිය හැකි වීම.
* නියමිත පරිදි cloud computing සේවා සඳහා මාසික හෝ වාර්ෂිකව සිදුකරන මුදල් ගෙවීම් අතපසුවීම නිසා එම ගිණුම් අත්හිටුවිය හැකිවීම.
* ඉතා වේගවත්,කාර්යක්ෂම අන්තර්ජාල සේවාවක් අවශ්‍ය වීම. සාමාන්‍ය අන්තර්ජාල සම්බන්ධථා මඟින් නිවැරදිව වැඩ කරගත නොහැකිවීම නිසා වර්තමානය වනවිටත් ශ්‍රී ලංකාව වැනි බොහෝ රටවල මෙම තාක්ෂණයේ භාවිතාව අඩුය.

Cloud computing වල ඇති ලක්ෂණ - 

ප්‍රධාන වශයෙන්ම cloud computing වල ලක්ෂණ 4ක් ඇත. පහත සටහනින් දැක්වෙන්නේ එම ලක්ෂණයි.

* On Demand Self Service - මෙමඟින් කියවෙන්නේ cloud සේවා සපයන්නන් විසින් භාවිතා කරන්නන්ට වෙබ් සේවා සහ සම්පත් තම අවශ්‍යතාවය අනුව ලබාගෙන ඕනෑම මොහොතක සම්බන්ධවී භාවිතා කල හැකිවීම යන්නයි.
* Broad Network Access - ලොව ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක සම්බන්ධ විය හැකිවීමයි.
* Resource Pooling - cloud computing තාක්ෂණය මඟින් විවිධ උපාංග සහ සම්පත් භාවිතය සහ හුවමාරු කිරීමේ හැකියාව පවතී.
* Rapid Elasticity - cloud computing භාවිතා කරන්නන්ට තමන් භාවිතා කරන විවිධ සම්පත් අඩු වැඩි කිරීමේ හැකියාව ඇත.

Cloud computing භාවිතයට ගැනීමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු -

* දත්ත වල ආරක්ෂාව සහ පුද්ගලිකත්වය
* අදාළ සේවා වල මිල ගණන්
* භාවිතා කරන්න අවශ්‍ය cloud සේවා වල වර්ගය
* දත්ත සංරක්ෂණය කර නැවත ලබාගැනීම හැකියාව (backup)
* ඕනෑම මොහොතක සේවා සහය (customer service) ලබාගත හැකිද යන්න
* තමන්ගේ ව්‍යාපාරික හෝ වෙනත් අවශ්‍යතා සම්පූර්ණ කරගත හැකිද යනවග
* භාවිතා කිරීමට යන cloud computing සේවා සැපයුම්කරු ගැන විස්තර (අත්දැකීම්,විස්වාසනීයත්වය,පළපුරුද්ද ආදිය)