Breaking
Loading...
විද්‍යුත් වාණිජ්‍යය යනු අන්තර්ජාලය වැනි පරිගණක හා සබැදි සන්නිවේදන ජාල හරහා භාණ්ඩ හා සේවා මිල දී ගැනීම හා විකිණීමයි.



විද්‍යුත් වාණිජ්‍යය 1970 මුල් භාගය තුලදී ආරම්භ විය. ප්‍රථමයෙන් සිදු වූයේ විද්‍යුත් මාධ්‍යයෙන් අරමුදල් පැවරීමේ කටයුතුයි. පසුව 1990 වසරේදී පමණ අන්තර්ජාල කටයුතු වාණිජකරණය වීමත් සමග විද්‍යුත් වාණිජ්‍යය වේගයෙන් ව්‍යාප්ත විය.1996 වසර තුල ඇමරිකානු ඩොලර් 518ක වටිනාකමකින් යුක්ත ගණුදෙනු විද්‍යුත් වාණිජ්‍යය හරහා සිදුවිය. එහෙත් 2006 වසර වන විට එම අගය ඇමරිකානු ඩොලර් 30,000ක පමණ ප්‍රමාණයක් දක්වා වැඩි විය. එසේම විද්‍යුත් වාණිජ ගණුදෙනු වල නිරත වනගණුදෙනුකරුවන් සංඛ්‍යාව බිලියන ගණනක් වේ.

විද්‍යුත් වාණිජ්‍යය පොදුවේ e වාණිජ්‍යය ලෙස හදුන්වයි. අන්තර්ජාලය ප්‍රමුඛ අනෙකුත් ජාල වැනි විද්‍යුත් මාධ්‍ය මගින් භාණ්ඩ විකිණීම සහ මිලදී ගැනීම මීට අන්තර්ගත වේ. විද්‍යුත් වාණිජ්‍යය සාමාන්‍යයෙන් e-commerce හෝ ecommerce ලෙස හැඳින්වේ. 
නමුත් විද්‍යුත් ප්‍රචාරණය විද්‍යුත් වාණිජ්‍යය නොවේ. එය විද්‍යුත් වාණිජ්‍යයේ එක් කොටසක් පමණි. උදාහරණයක් වශයෙන් ව්‍යාපාරයක් වෙබ් අඩවියක් මත ප්‍රචාරණය කරනු ලබයි නම් එය e වාණිජ්‍යය ලෙස හදුන්වනු නොලැබේ. නමුත් යම් වෙබ් අඩවියක් හරහා භාණ්ඩ විකිණීම වැනි කාර්යයක නිරතවන්නේ නම් එය විද්‍යුත් වාණිජ්‍යය ලෙස හැඳින් වේ.

අන්තර්ජාල භාවිතයේ ශිඝ්‍ර වර්ධනය නිසා විද්‍යුත් මාධ්‍යයෙන් කෙරෙන ගනුදෙනු විශාල ලෙස ව්‍යාප්ත වී ඇත. නවීන විද්‍යුත් වාණිජ්‍ය ගනුදෙනුවලදී එක් විටෙක හෝ බොහෝ විට අන්තර්ජාලය භාවිතා කරන අතර විද්‍යුත් තැපෑල ද බහුලව භාවිතා කෙරේ. විද්‍යුත් වාණිජ්‍යය මගින් විද්‍යුත් භාණ්ඩ (මෘදුකාංග, ගීත, චිත්‍රපට, පරිගණක ක්‍රීඩා වැනි) හුවමාරු කර ගත හැකි ය.

විද්‍යුත් අරමුදල් පැවරිම, සැපයුම් කළමණාකරණය, අන්තර්ජාල වෙළඳාම, අන්තර්ජාල ගනුදෙනු ක්‍රියාවලිය, විද්‍යුත් දත්ත හුවමාරුව , නිෂ්පාදන කළමණාකරණ පද්ධති සහ ස්වයංක්‍රීය දත්ත එකතු කිරිමේ පද්ධතිය යනාදී උපකාරක පද්ධති මත නුතන විද්‍යුත් වාණිජ්‍යයේ වර්ධනය රඳා පවතී. අන්තර්ජාලය විශ්වය දක්වා දියත්වීම ඇරඹී ඇත. විද්‍යුත් වාණිජ්‍යය ද ඒ සමඟ මුළු විශ්වය පුරාම විහිදෙනු ඇත.

විද්‍යුත් වාණිජ්‍යයේ නියුතු විශාල පිරිසක් අන්තර්ජාලය භාවිතා කරන්නේ වෙබ් අඩවිවලට පිවිස තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා සොයා ගැනීමය. ඒ ඔස්සේ භාණ්ඩ හා සේවා තෝරා ගන්නා අතර ඉන් පසු හුවමාරු ක්‍රියාවලියට ගමන් කරයි.

අන්තර්ජාලය හුදු සන්නිවේදන ජාලයක් වනමුත් එමගින් හුවමාරු කර ගත හැක්කේ සේවා පමණි. නමුත් සමහර වෙළෙන්ඳෝ භෞතික මාර්ග ප්‍රවාහනය සම්බන්ධ කර භාණ්ඩ හුවමාරුව සඳහා පියවර ගෙන ඇත. අන්තර්ජාලය තුළ සිල්ලර වෙළෙනඳන් සමහර විට ඉ-වෙළෙන්ඳන් ලෙසත් අන්තර්ජාල සිල්ලර ගනුදෙනු ඉ-සිල්ලර වෙළඳාම ලෙසත් හැඳින්වේ. ලෝක ව්‍යාප්ත ජාලය තුළට විද්‍යුත් වාණිජ්‍යය පැමිණිම සමඟ විශාල සිල්ලර ගනුදෙනු සඳහා මාර්ගය විවර විය.