Wireless Technologies වල ඒවායේ පරාසය අනුව වර්ග කල හැකි ආකාර කිහිපයක් පවතී. දුර, ශක්තිය, bandwidth(කලාප පළල) යන ආදී කරුණු අනුව මෙම Wireless තාක්ෂණයන් වෙනස් වේ.

Wireless Wide Area Network (WWAN)
මෙම ජාල වර්ගයේදී Wireless Wide Area Network හරහා අන්තර්ජාලයට සම්බන්ධවීමේ හැකියාව ලැබේ. මෙම ජාල වර්ග ඉතා අධිවේගී දත්ත සම්ප්‍රේෂණ වේගයන් ලබාදෙන අතරම පරාසයද පුළුල් වේ.CDMA සහ GSM යනු WWAN වලට හොඳ උදාහරණ වේ.Wireless Personal Area Network (WPAN)
මෙම ජාල වර්ගය WWAN ආකාරයට සමාන අතර මෙහි දත්ත සම්ප්‍රේෂණ පරාසය සීමා සහිත වේ.Wireless Local Area Network (WLAN)
WLAN එකක් හරහා සීමා සහිත ආවරණ ප්‍රදේශයකදී අන්තර්ජාලයට සම්බන්ධවීමේ හැකියාව මෙම ජාල වර්ගයෙන් සිදුකෙරේ. මෙම ආකාරය වැඩි ගුවන් විදුලි තරංග සංඛ්‍යාත භාවිතා කරන LAN වර්ගයකි. WiFi යනු WLAN සඳහා හොඳම උදාහරණයක් වේ.
Wireless Metropolitan Area Network (WMAN)
Wireless Region Area Network (WRAN) එකක් හරහා අන්තර්ජාලයට සම්බන්ධවීමට සහ බහු මාධ්‍ය සේවා (multimedia streaming services), එනම් online gaming,videos ආදිය භාවිතා කිරීමට හැකියාව ලබාදෙන ජාල වර්ගයයි.මෙම ජාල වර්ග ඉතා අධිවේගී දත්ත සම්ප්‍රේෂණය ලබාදෙන අතරම පුළුල් පරාසයක පැතිරී තිබේ.



