Database Schema (දත්ත සමුදා සංක්ෂිප්ත නිරූපණය)

සම්පූර්ණ දත්ත සමුදායේම තර්කානුකූල පෙනුම සැකිලි ආකෘතියක් ලෙස නිරූපණය කරනු ලබන්නේ දත්ත සමුදා සංක්ෂිප්ත නිරූපණ මඟිනි. එමඟින් දත්ත කෙසේ සංවිධානය වී තිබේද, දත්ත අතර ඇති සම්බන්ධකම් කෙසේ සකස් වී තිබේද යන්න නිරූපනය කිරීමද මින් සිදුකෙරේ.
දත්ත සමුදායක සංක්ෂිප්ත නිරූපණය ප්‍රධාන වර්ග 2ක් යටතේ කතා කල හැකිය.
1. Physical Database Schema (භෞතිකමය දත්ත සමුදා සංක්ෂිප්ත නිරූපණය)
සත්‍ය වශයෙන්ම දත්ත කෙසේ ගබඩා වී තිබේද සහ ඒවා කුමන ආකාරයේ දත්තද යන වග පෙන්නුම්ක රන්නේ මේ හරහාය.
2. Logical Database Schema (තර්කානුකූල දත්ත සමුදා සංක්ෂිප්ත නිරූපණය)
දත්ත ගබඩා කරන තර්කානුකූල සහ ගණිතමය ආකාරය නිරූපණය කරන්නේ මෙමඟින් වේ.
Attributes (උපලක්ෂණ)
dbms වල දත්ත නිරූපණය කරනු ලබන්නේ සත්‍ය ලෝකයේ වස්තූන් හෙවත් entitis වලිනි. මෙවැනි වස්තූන් වල උපලක්ෂණ වලට Attributes යයි කියනු ලබයි.
උදාහරණයක් ලෙස වස්තුවක් ලෙස පුද්ගලයක් සැළකිල්ලට ගත්විට එම පුද්ගලයා සතු ගුණාංග ලෙස ඔහුගේ නම,වයස ආදිය ගත හැකිය.
Types of Attributes (උපලක්ෂණ වර්ග)
Simple attribute (සරල උපලක්ෂණ) − සරල උපලක්ෂණ හෙවත් තවත් කොටස් වලට කැඩිය නොහැකි අගයන් මෙලෙස හඳුන්වයි. උදාහරණයක් ලෙස අංක 10කින් යුක්ත දුරකථන අංකයක් තවත් කොටස් වලට කැඩිය නොහැක.Composite attribute (සංයුක්ත උපලක්ෂණ) − එක් සරල උපලක්ෂනයකට වඩා අගයන් කිහිපයකින් සමන්විත ඒවා මෙසේ හඳුන්වයි. උදාහරණ ලෙස පුද්ගලයකුගේ සම්පූර්ණ නම මුල් නම,අවසන් නම සහ වාසගම යන කොටස් වලින් සෑදී ඇත.
Derived attribute (ව්‍යුත්පන්න උපලක්ෂණ) − දත්ත සමුදායක් තුල භෞතිකමය ලෙස මෙවැනි අගයන් ඇතුලත් නොවේ. නමුත් මෙම අගයන් වෙනත් අගයන් වලින් ව්‍යුත්පන්න කර ගත හැකිය.
උදාහරණයක් ලෙස පුද්ගලයකුගේ වයස දත්ත සමුදාය තුල සෘජුවම ගබඩා වී නැති අතර ඔහුගේ උපන් දිනය ඇසුරින් එය ලබාගත හැකිය.
Single-value attribute (තනි උපලක්ෂණ) − එක් තනි අගයක් පමණක් අඩංගු අවස්ථා මෙසේ හැඳින්වේ. උදාහරණ ලෙස බැංකු කාර්ඩ් පතක ඇති අංකය වෙනත් කාර්ඩ් පත් වල අඩංගු නොවේ.
Multi-value attribute (බහු අගයන් උපලක්ෂණ) − මෙවැනි උපලක්ෂන වල වටිනාකම් එකට වඩා තිබේ. උදාහරණයක් ලෙස පුද්ගලයෙකුට දුරකථන අංක,email ලිපින එකට වඩා පැවතිය හැකිය.

Mapping Cardinalities (සම්බධතා අනුරූපණය)
Cardinality යනු එක් වස්තූන් කාණ්ඩයක තිබෙන වස්තූන් වෙනත් කාණ්ඩයක තිබෙන වස්තූන් සමඟ කුමන සම්බන්ධයන් යටතේ කෙසේ එක් වෙයිද යන්නයි.* One-to-one − A නම් වස්තු කාණ්ඩයක තිබෙන වස්තුවක් B නම් වෙනත් වස්තු කාණ්ඩයක තිබෙන වස්තු එකක් සමඟ සංඝටිත වේ.

* One-to-many − A නම් වස්තු කාණ්ඩයක තිබෙන වස්තුවක් B නම් තවත් වස්තු කාණ්ඩයක තිබෙන වස්තු කිහිපයක් සමඟ සංඝටිත වීම මින් නිරූපණය කෙරේ.

* Many-to-one − A නම් වස්තු කාණ්ඩයක තිබෙන වස්තු ගණනාවක් B නම් වස්තු කාණ්ඩයක ඇති එක වස්තුවක් සමඟ සංඝටිත වීම මින් ඉදිරිපත් කෙරේ.

* Many-to-many − A නම් වස්තු කාණ්ඩයක ඇති වස්තූන් කිහිපයක් B නම් වෙනත් වස්තු කාණ්ඩයක ඇති වස්තු කිහිපයක් සමඟ සංඝටිත වීම මෙසේ හැඳින්වේ.


