A/L ICT
Basic of Computer
O/L ICT
Top Articles
Keyboard shortcuts everyone should know
සෑම කෙනෙක්ම දැනගත යුතු යතුරු පුවරු කෙටිමං - (Keyboard shortcuts)
පරිඝණකයක දත්ත ඇතුලත් කිරීමට ප්‍රධාන වශයෙන් භාවිතා කරන උපකරණයක් නෙ keyboard එක කියලා අපි කියන්නේ. ඉතින් මේ keyboard එකේ අපේ වැඩ කටයුතු ඉක්මනට පහසුවෙන් කරගන්න පුළුවන් විදියට නිර්මාණය වුණු ක්‍රම වේදයක් තිබෙනවා. අපේ වැඩ වලදී ඉලක්කම් අකුරු type කරන්න නේද අපි keys භාවිතා කරන්නේ. ඒ වගේම keys 2ක් හෝ ඊට වැඩි ගණනක් එකවර භාවිතා කරලා අපිට පුළුවන් විවිධ වැඩ කරගන්න. ඔයාලා දැනටමත් එහෙම භාවිතා කරන්න පුළුවන්. මේ keys,එහෙමත් නැත්තන් අපි ඒවාට කියනවා shortcuts කියලා. හැම කෙනෙක්ම දැනගන්න ඕන සාමාන්‍යයෙන් නිතරම භාවිතයට ගන්න අවශ්‍ය වන Keyboard shortcuts කිහිපයක් ගැන අද දැනගන්න.

Ctrl (Control) + A
කිසියම් folder එකක ඇති සියලුම files හෝ document එකක ඇති සියල්ල එකවර තෝරාගැනීම සඳහා Ctrl සමඟ A key භාවිතා කල හැකිය.
Ctrl + C or Ctrl + Insert
කිසියම් තෝරාගත් text කොටසක් හෝ ඕනෑම file එකක් copy කරගැනීමට භාවිතා කරයි.
Ctrl + X
කිසියම් තෝරාගත් text කොටසක් හෝ ඕනෑම file එකක් cut කර සම්පූර්ණයෙන්ම එම ස්ථානයෙන් ඉවත් කරගැනීමට භාවිතා කරයි.
Ctrl + V or Shift + Insert
තෝරාගෙන copy කළ හෝ cut කළ කොටස අවශ්‍ය ස්ථානයක paste කිරීමට යොදාගනී.
Ctrl + Z and Ctrl + Y
Ctrl + Z මඟින් සිදුකල කිසියම් දෙයක් නිෂ්ප්‍රභ කිරීමක් හෙවත්,නැවත පෙර තත්වයට ගැනීමට Ctrl + Z යොදාගනී.මෙයට අපි undo කිරීම යයි කියනු ලැබේ. බොහෝවිට විවිධ මෘදුකාංග වල වැඩ කරන විට මෙය ප්‍රයෝජනවත් වේ. එම undo කිරීම නැවත කිරීමට redo කිරීම යයි කියනු ලැබේ. මේ සඳහා යොදාගන්නේ Ctrl + Y වේ.
Ctrl + F
ඕනෑම වැඩසටහනක්,මෘදුකාංගයක් තුල ඔබට කිසියම් text කොටසක් හෝ නාමයක් ආදිය සෙවීමට අවශ්‍ය නම් Ctrl + F භාවිතා කල හැකිය. අවශ්‍ය කොටස තුල Ctrl + F යෙදීම හරහා search box එකක් විවෘත වේ. ඒ තුල සොයාගත යුතු දෙය type කිරීම මඟින් සෙවීම කල හැකිය. උදාහරණයක් ලෙස ඔබට පිටු 100ක පමණ pdf file එකක ඇති කිසියම් මාතෘකාවක් සොයාගැනීමට අවශ්‍ය වේ. එසේනම් ඔබ කල යුත්තේ Ctrl + F අදාළ pdf file එක මත යොදා ලැබෙන search box තුල අවශ්‍ය දෙය type කර enter කිරීමයි. එවිට ඔබේ සෙවුමට අදාළ සෑම ප්‍රතිපලයක්ම ලබාගත හැකිය.
Alt + Tab
ඔබේ පරිගණකයේ ඔබ දැනට විවෘත කරගෙන ඇති සියලු වැඩසටහන් අතර එහා මෙහා ගමන් කිරීමට මෙය යොදාගත හැකිය.එවිට ඔබට mouse එක මඟින් පහල තීරුවේ (taskbar) එක් එක් වැඩසටහන් මත click කිරීමට අවශ්‍ය නොවේ.
Ctrl + Tab
මෙය යොදාගන්නේ ඔබ දැනට විවෘත කරගෙන,වැඩ කරගෙන යන මෘදුකාංගයේ විවිධ පෙරතිර (tabs) අතර ගමන් කිරීමට යොදාගනී. උදාහරණයක් ලෙස ඔබ web browser එකක් විවෘත කරගෙන එහි tabs කිහිපයක් වැඩ කරමින් සිටී නම් එක් ටැබ් එකකින් වෙනත් ටැබ් එකකට මාරුවීමට Ctrl + Tab යොදාගත හැකිය.
Ctrl + Back space
මෙය බොහෝවිට අකුරු type කරන මෘදුකාංග වලදී යොදාගත හැකිය. ඔබට type කරන ලද කිසියම් වචනයක් delete කිරීමට අවශ්‍ය නම් එය එක් එක් අකුර බැඟින් delete නොකර සම්පූර්ණ වචනයම එක වර delete කිරීමට මෙම shortcut key එක භාවිතා කල හැකිය.
Ctrl + Left or Right arrow
එමෙන්ම text කොටස් අතර ඉදිරියට හෝ පසුපසට වචනයක් බැඟින් යාමට අවශ්‍ය නම් ctrl යතුර සමඟ left හෝ right key යොදාගත හැකිය.
Ctrl + Shift and Left or Right arrow
කිසියම් නැවතී තිබෙන text කොටසක පෙර හෝ පසුව ඇති වචන සම්පූර්ණයෙන්ම අල්ලාගැනීම සඳහා මෙම keys යොදාගත හැකිය.
Ctrl + S
ඔබ කිසියම් මෘදුකාංගයක් සමඟ වැඩ කරවිට එම කරන කටයුත්ත,වැඩ ප්‍රමාණය හෝ ව්‍යාපෘතිය (project) ආරක්ෂා කරගැනීමට,save කරගැනීමට ctrl+s භාවිතා කරයි.
Ctrl + Home
කිසියම් document එකක් මුලට,මුල් පිටුවට හෝ ඉහලම ස්ථානයට එකවර ගමන් කිරීමට යොදාගනී.උදාහරණයක් ලෙස ඔබ pdf file එකක් කියවමින් සිටී නම්,එහි මුල් පිටුවට/ආරම්භයට යාමට අවශ්‍ය නම් ctrl+home මඟින් එය කල හැකිය.
Ctrl + End
කිසියම් document එකක් අවසානයට, අවසාන පිටුවට හෝ පහළම ස්ථානයට එකවර ගමන් කිරීමට යොදාගනී.උදාහරණයක් ලෙස ඔබ pdf file එකක් කියවමින් සිටී නම්,එහි අවසාන පිටුවට යාමට අවශ්‍ය නම් ctrl+end මඟින් එය කල හැකිය.
Page Up, Spacebar, and Page Down
ඔබ කිසියම් document එකක් හෝ file එකක් විවෘත කරගෙන සිටී නම් එහි පහලට සෙමෙන් පියවරෙන් පියවර ගමන් කිරීමට Spacebar හෝ Page Down යතුරු යොදාගත හැකිය. Page Up මඟින් අදාළ document එකේ ඉහළට ගමන් කිරීම සිදුකල හැකිය. එමෙන්ම Shift key එක සමඟ Spacebar එබීම මඟින්ද එය කල හැකිය.
ALT+F4
විවෘත කරගෙන සිටින වැඩසටහනක් හෝ මෘදුකාංගයක් close කිරීමට,අවසන් කිරීමට භාවිතා කරයි.
Shift+Delete
කිසියම් අයිතමයක් සම්පූර්ණයෙන්ම delete කිරීමට යොදාගනී.
Ctrl + Esc
Start menu විවෘත කරගැනීමට යොදාගනී.
ඉහත සියලු කෙටිමං Windows මෙහෙයුම් පද්ධති තුල වැඩ කරන ඒවා වන අතර වෙනත් මෙහෙයුම් පද්ධති වල සුළු වෙනස්කම් සහිතව වැඩ කරන බව සළකන්න.


