Breaking
Loading...
ඔබේ පරිඝනකය ඔබ කැමති විදියට ආමන්ත්‍රණය කරවන්න

ඔබේ පරිඝනකය ඔබ කැමති විදියට ආමන්ත්‍රණය කරවන්න

ඔබ පරිඝනකය on කරනවිට ඔබව පිළිගන්න ආයුබෝවන්, එහෙමත් නැතිනම් welcome හෝ ඔබේ නම කියලා ආමන්ත්‍රණය කරනවා නම් කොයි තරම් හොඳද නේද? ඒක හරිම නැවුම් බවක් තියෙන දෙයක්. ඒ වගේම වෙනස් දෙයක්.
ඉතින් එය කරන්න පුළුවන් විදියක් තමයි මේ කියන්න යන්නේ. visual basic script එකක් හෙවත් .vbs කියන file එකකින් තමයි අපි මේ දේ කරන්න යන්නේ. 
එහෙනම් මුලින්ම කරන්න ඕන notepad එක open කරලා පහත සඳහන් code එක type කරන එකයි.


Dim speaks, speech
speaks="Welcome to your PC, Username"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks

ඉහත code එකේ Welcome to your PC, Username කියන තැන ඔයා කැමති දෙයක් ලියන්න. ඔබේ නම,ආයුබෝවන්,සුබ උදෑසනක්,good morning වගේ කැමති දෙයක් ලියන්න.


ඊට පස්සේ මේක File > Save As මඟින් ඔබ කැමති නමක් යටතේ save කරගන්න .vbs file එකක් විදියට.
උදා:- welocme.vbs

දැන් මේ file එක නිවැරදිව ස්ථානගත කරන්න ඕන. මොකද මේ නිර්මාණය කරේ system file එකක්. Windows xp පරිඝනකයක් නම් පහත දැක්වෙන ස්ථානයේ මේ file එක save කරන්න.

(Windows XP)
C:\Documents and Settings\All Users\Start Menu\Programs\Startup

Windows Vista,7,8,10 වගේ පරිඝනක වල පහත දැක්වෙන ස්ථානයට මේ file එක copy කරන්න.

(Windows 10, Windows 8, Windows 7 and Windows Vista)
C:\Users\ {User-Name}\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup

මෙහි AppData කියන folder එක hide වෙලා තියෙන්නේ. ඒ නිසා Hidden Files පෙන්නුම් කරගන්න අවශ්‍ය වෙනවා.
දැන් අපේ වැඩසටහන නිර්මාණය කරලා අවසන්. පරිඝනකය shutdown කරලා නැවත on කරලා බලන්නකෝ. ඔබව පුදුමයට path කරමින් පරිඝනක හඬින් එය ඔබව පිළිගනීවි !

වැඩි සාර්ථක ප්‍රතිපල සඳහා ඔබේ පරිඝනකයේ Control Panel වල Sounds & Audio devices වල sound scheme > No Sounds ලෙස සකස් කරන්න.