
Facebook කියන්නේ අද කාලේ අපිට නැතුවම බැරි දෙයක් නේද.. අද කාලේ facebook එකේ නැති කෙනෙක් හොයාගන්න නැති තරම්. ඉතින් මේ facebook එකේ ඉන්න තරම් හැමෝම අපි දන්නෙත් නැහැ. සමහර අය අපේ යාළුවො කියලා අපි දන්නෙත් නැහැ. අපි ගැන හොයලා බලන අය කව්ද කියලා අපි දන්නෙත් නැහැ. එහෙම පෙන්නන සොයාගන්න පුළුවන් ක්‍රමවේදයක් facebook එකෙන් ලබාදීලත් නැහැ. අන්තර්ජාලයේ නම් විවිධ apps වර්ග මෘදුකාංග වර්ග වර්ග තිබෙනවා කියාලා සඳහන් වුනත් ඒවා ඇත්තටම අපිට අවශ්‍ය සහයෝගය දෙන්නේ නැහැ.
ඉතින් අපි අද කියන්න යන්නේ තමන්ට පහසුවෙන්ම කිසිම බාහිර මෘදුකාංගයක් නැතුවම තමන්ගේ facebook ගිණුම බලන්න එන අය කවුද කියලා හොයාගන්න විදියයි.
මේක පියවර කිහිපයක් යටතේ තමයි සිදු කරන්නේ...
1 වැනි පියවර - මුලින්ම කරන්න ඕන ඔයාගේ facebook ගිණුමට සම්බන්ධ වෙන එකයි. හැබැයි ඔබ ඔබගේ නම සඳහන් වන profile එකේ පිටුවට යන්න එපා. ඔබ ඉන්න ඕන browser එකේ link එක ඇතුළත්වන තීරුවේ http://www.facebook.com/ ලෙස සඳහන් කොටසෙයි.
2 වැනි පියවර - ඉන්පසුව ඔබ mouse එකේ right click කරලා view page source කියන කොටස ලබාගන්න.
එතකොට මෙන්න මේ වගේ codes ඇතුලත් වෙබ් පිටුවක් ලැබේවි.
3 වැනි පියවර - දැන් ඔබ කරන්න ඕන මෙම code කොටස තුල තිබෙන friend list එක සොයා ගැනීමයි.ඒක කරන්න ඔබ මුලින්ම InitialChatFriendsList යනුවෙන් සඳහන් කොටස සොයාගන්න ඕන.එය සොයාගන්න Ctrl සමඟ F keys press කරන්න. එතකොට search box එක ලැබේවි.
ඒ තුල InitialChatFriendsList යනුවෙන් සඳහන් කරාම එම වචනය ඇති ස්ථානය පෙනවාවී. ඒ අසලම ඔබට {"list":"100303443483","100027126747","1000150182784","1000316478180","1000012130967","1000024602374",",]:} ලෙස අංක ගණනාවක් පෙන්වනවා නේද? ඒවා තමයි facebook id හෙවත් facebook ගිණුම් වල id numbers. දැන් ඔබට තියෙන්නේ මේ id numbers වල හිමිකරුවන් කවුද කියලා සොයාගන්න එකයි.
4 වැනි පියවර - අවසානයට ඔබ කරන්න ඕන මෙම id අංක වල හිමිකරුවන් සොයාගැනීමයි. ඒ සඳහා ඔබ වෙබ් browser එකේ http://www.facebook.com/XXXXXXXXXX ආකාරයට මෙහි XXXXXXXXXX වෙනුවට ඉහතින් ලැබුන fb id අංක යෙදීමයි. උදාහරණයක් ලෙස http://www.facebook.com/100000857954725 යොදා enter කරන්න. එවිට එම fb id එකට අදාළ ගිණුම් හිමියා නිරූපණය කරාවි. ඉතින් මේ ක්‍රමයට ඔබට පහසුවෙන්ම ඔබේ facebook ගිණුම නැරඹු අයව සොයාගන්න පුළුවන් වේවි.
මෙම නම් අතුරින් සමහරක් අය ඔබ සමඟ chat කරන chat list එකේ සිටින අය විය හැකියි. fb id වල මුල් නම සඳහන් අය ගොඩක් වෙලාවට chat කරන යාළුවොයි. fb id වල අවසන් හරියේ ඉන්න අය තමයි ඔබේ facebook profile එක බලපු අය විදියට ඉන්නේ.



