Breaking
Loading...
ඔබේ පරිඝනකය කතා කරවන්න ?

ඔබේ පරිඝනකය කතා කරවන්න ?

කවදාවත් ඔබේ පරිඝනකය කතා කරනවා ඔබ අහලා තියෙනවද? ඇත්තටම එහෙම කරන්න පුලුවන්ද? ඇත්තටම එහෙම කරන්න පුළුවන්. ඒක හරිම සරල පහසු ක්‍රමයක්. ඔබ විසින් type කරන වචන පරිඝනකයට හොඳට කතා කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියල.


මේ වැඩේ කරන්න ඔබට අවශ්‍ය වන්නේ සුළු දෙයක් පමණයි. ඒ තමයි notepad එක. මුලින්ම note pad එක open කර ගන්න.


ඊට පස්සේ මෙන්න මේ code එක notepad එකේ type කරන්න.

Dim Message, Speak
          Message=InputBox("Enter text","Speak")
          Set Speak=CreateObject("sapi.spvoice")
          Speak.Speak Message


ඊට පස්සේ මේ code එක save කරගන්න ඕන අපිට අවශ්‍ය විදියට. File > Save as ගිහින් පරිඝනකයේ කැමති ස්ථානයක කැමති නමක් යොදලා .vbs කියන extension එකෙන් save කරගන්න.

උදා :- speak.vbs


දැන් ඔන්න දැන් අපේ programe එක නිර්මාණය කරලා තියෙන්නේ. දැන් ඔබට එය save කරපු තැන .vbs කියලා file එකක් දකින්න පුළුවන්. එක double click කරලා open කරන්නකෝ.




දැන් ඔබ කැමති ඕනෑම දෙයක් හිස් කොටුව තුල type කරලා ok කරන්න. පරිඝනකය ලස්සනට ඒක කියවයි. ඒ කියන්නේ පරිඝනකය කතා කරනවා. ඔබේ පරිඝනකය ගැහැණුද පිරිමිද කියල දැනගන්නත් පුළුවන් ඒ කතා කරන කටහඬින්...ඔබේ පරිගණකය ගැහැණු කටහඬකින් කතා කරොත් ඒ කියන්නේ ඔබේ පරිඝනකය ගැහැණු එකක්. පිරිමි කටහඬකින් කතා කරොත් පිරිමි එකක්. :D (ඒ කරුණ තීරණය වන්නේ ඔබේ පරිඝනකයේ තිබෙන settings මතයි.Microsoft Text to Speech options වල තිබෙන ආකාරයටයි.)