ගූගල් සමාගම කියන්නෙ දිනෙන් දින අලුත් වෙමින් නව තාක්ෂණය ලොවට බෙදා දෙන ආයතනයක්. මේ කියන්න යන්නෙත් ගූගල් ආයතනයෙන් ලැබුනු අපේ රටේ බොහෝ දෙනාට සතුටු දායක ආරංචියක්. විශේෂයෙන්ම මේ පුවත යතුරු ලියන, එහෙමත් නැත්තම් ටයිපින් ආශ්‍රිත රැකියා කරන අයටනම් ගොඩක් වැදගත් ආරංචියක් වෙයි.
ඉස්සර පැය ගනන් මහන්සි වෙලා ටයිප් කරපු ලිපි දැන් මිනිත්තු කිහිපයකින් ටයිප් කරන්න පුළුවන්කම ලැබෙනවා. අපිට තියෙන්නෙ ටයිප් කරන්න ඕන දේ කියන්න විතරයි. ඉතිං මේ සේවාව අපි ලබා ගන්නෙ කොහොමද කියල අපි බලමු. බොහොම සරල දේවල් ටිකක් විතරයි ඔයාට කරන්න තියෙන්නෙ.
බොහෝවිට මීට පෙර Google Voice Recognition ඉංග්‍රීසි භාෂාවෙන් භාවිතා කරපු අයටනම් මේක අලුත් අත්දැකීමක් වෙන එකක් නැහැ. මොකද භාෂාව විතරයිනෙ වෙනස්. කොහොම වුනත් සිංහල භාෂාව Google Voice Recognition පහසුකමට ඇතුලත් කරාට සියළුම ශ්‍රී ලාංකික ජනතාවගේ ස්තුතිය Google සමාගමට හිමි විය යුතු වෙනවා.






