Breaking
Loading...

විද්‍යුත් වාණිජ්‍යයේ වාසි

ව්‍යාපාර වලට ලැබෙන ප්‍රතිලාභ -


✔ ව්‍යාපාරිකයාට සිය වෙළදපොල පුළුල් කරගත හැකි වීම (ගෝලීය වෙළදපොල - Global Market).

✔ ජාත්‍යන්තර වෙළදපොලට පිවිසිය හැකි වීම.

✔ මනා පාරිභෝගික සේවාවක් ලබා දිය හැකි වීම.

✔ ව්‍යාපාර ගනුදෙනු පහසු කිරීම, වේගවත් කිරීම හා ඵලදායී කිරීම.

✔ ව්‍යාපාරයේ සන්නම් ප්‍රතිරූපය වර්ධනය කිරීම.

✔ තොග රදවා ගැනීමක් නොමැති නිසා ගබඩා කුළී, රක්ෂණ වියදම්, ආරක්ෂක වියදම් වැනි පොදුකාර්යය පිරිවැය දැරීමට සිදුනොවීම.

✔ වෙළදාමට අතරමැදියන් සම්බන්ධ නොවන නිසා අඩු මිලට භාණ්ඩ සැපයිය හැකි වීම.

✔ ගණුදෙනුකරුවන් සමග සෘජු සම්බනිදතා ගොඩනගාගත හැකි වීම.

✔ භාවිතාවන ලියකියවිලි ප්‍රමාණය අඩුවීම.


ගණුදෙනුකරුවන්ට ලැබෙන ප්‍රතිලාභ -


✔ පාරිභෝගිකයාට භාණ්ඩ තෝරා ගැනීමට ඇති ඉඩකඩ පුළුල් වීම.

✔ දවසේ පැය 24 පුරාත් සතියේ දින 7 පුරාත් වෙළදපාල විවෘතව පැවතීම (24x7 support).

✔ නිෂ්පාදකයාගේ මිලටම භාණ්ඩ හා සේවා ලබා ගත හැකි වීම.

✔ වඩා වේගවත් මිලට ගැනීම් සිදුකල හැකි වීම.

✔ තරගකාරී මිලගණන් යටතේ මිලදී ගැනීම් සිදුකළ හැකි වීම.

✔ පරික්ෂාකිරීමේ පෝලිම්ගතවීමක් අවශ්‍ය නොවීම.

✔ නිෂ්පාදකයා සමග සෘජු සම්බනිදතා ගොඩනගාගත හැකි වීම නිසා අවශ්‍ය තොරතුරු ඉක්මණින් ලබා ගත හැකි වීම.

✔ ලෝකයේ ඕනෑම තැනක සිට සාප්පු සවාරියේ යෙදිය හැකි වීම.


සමාජයට ලැබෙන ප්‍රතිලාභ -


✔ විද්‍යුත් වාණිජ්‍ය, භාණ්ඩයක පිරිවැය අඩු කිරීමට ඉවහල් වන නිසා පාරිභෝගිකයාගේ ක්‍රය ශක්තිය ඉහළ යාම.

✔ පාරිභෝගිකයාට භෞතිකව භාණ්ඩ හෝ සේවා සපයන්නා මුනගැසීමේ අවශ්‍යතාවක් ඇති නොවන හෙයින් ගමනාගමනය සීමා වීම නිසා රථ වාහන තදබදය මගින් ඇති වන වායු දූෂණය අවම වීම.

✔ දුෂ්කර ප්‍රදේශ වල සිටින පුද්ගලයන්ට පවා තම ප්‍රදේශ වල නොමැති භාණඩ හා සේවා පරිභොජනයට අවස්ථාව උදාවීම.

✔ රජයට සිය රාජ්‍ය සේවා (සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සේවා, සමාජ සේවා ආදී සේවා) අඩු මිලකට හා වේගවත් ආකාරයෙන් සැපයීමට අවස්ථාව උදාවීම.