Breaking
Loading...

Cloud computing ආකෘතිය - 




Cloud ආකෘතිය ප්‍රධාන වශයෙන්කොටස් දෙකක් යටතේ කතා කල හැකිය.ඒවා නම්,
* Front End (මුහුණත් කෙළවර)
* Back End (පසුපස කෙළවර)

Front End - 

Cloud computing පද්ධතියක ඉදිරිපස පෙනුම හෙවත් භාවිතා කරන්නාගේ කොටස මෙමඟින් අදහස් කෙරේ. Cloud computing වලදී භාවිතා කරන අතුරු මුහුණත් මෘදුකාංග මේවාට උදාහරණ වේ. (උදා:- web browser)


Back End -

Cloud computing සේවා සපයන්නාගේ කොටස හෙවත් සේවා සහ සම්පත් වල එකතුව මෙමඟින් අදහස් වේ. උදාහරණ ලෙස දත්ත ගබඩාකරණ පද්ධති,ආරක්ෂක ක්‍රම,සංවර්ධන උපාංග ආදියයි.

Cloud computing යටිතල ව්‍යහුය - Cloud computing යටිතල ව්‍යහුය තුල servers, storage devices, network, cloud management software,deployment software, and platform virtualization යන ඒවා අඩංගු වේ. පහත සටහනින් දැක්වෙන්නේ එම යටිතල ව්‍යුහයයි.