විද්‍යුත් වාණිජ්‍යයේ ප්‍රභේද
විද්‍යුත් වාණිජ්‍යයේ ගණුදෙනුවකට සම්බන්ධ වන පාර්ෂවයන් අනුව එය විවිධ ප්‍රභේද වලට බෙදා දැක්විය හැකිය.
❇️ ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට (B2B)
❇️ ව්‍යාපාරයෙන් ගණුදෙනුකරුට (B2C)
❇️ ගණුදෙනුකරුගෙන් ගණුදෙනුකරුට (C2C)
❇️ ගණුදෙනුකරුගෙන් ව්‍යාපාරයට (C2B)
❇️ ව්‍යාපාරයෙන් රජයට (B2G)
❇️ රජයෙන් ව්‍යාපාරයට (G2B)
❇️ රජයෙන් ජනතාවට (G2C)
ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට (B2B)
සමාගම් දෙකක් අතර මිලදී ගැනීම හා විකිණීම B2B නම් වේ. මෙහිදී රහසිගත තොරතුරු බෙදාහැරීම හා ඒවාට පිවිසීම සීමාසහිත වේ. මේවායේ තොරාගත් තොරතුරු පමණක් ඇත. නොමිලේ ප්‍රවාහනය කරයි. ගනුදෙනු සම්පූර්ණ කිරීම සඳහා සාමාජිකයින්හට ගෙවීමේ පහසුකම් සලසා දෙයි.
විද්‍යුත් උපකරණ, ආහාර, ගෘහ භාණ්ඩ, බෙහෙත් වර්ග, සෙල්ලම්බඩු, විසිතුරු බඩු ආදී විවිධ භාණ්ඩ මේවායේ ඇති අතර මිල ගණන් ප්‍රදර්ශනය කර ඇත.
B2B අවශ්‍යතා,
* මිලගණන් බෙදාහැරීම් හා භාණ්ඩ විස්තර මිළදී ගන්නා හා විකුණන්නන්ගේ එකඟතාවය මත සිදුවිය යුතුයි.
* ආයතනයේ පද්ධතිය ඔවුන්ගේ පාරිභෝගිකයන් අතර මානව සබඳතා නොමැතිව සන්නිවේදනය කළ යුතුයි.
උදාහරණ: www.walmart.com
ව්‍යාපාරයෙන් ගණුදෙනුකරුට (B2C)
මෙය පාරිභෝගිකයන්ගේ ප්‍රයෝජනය සඳහා අන්තර්ජාලය හරහා නිෂ්පාදන හා සේවා විකුණන ව්‍යාපාරික ගනුදෙනුවකි.
විද්‍යුත් වානිජ්‍ය අදායම් බෙදා හදා ගැනීම මේ හරහා කරනු ලැබේ. මෙහිදී මිල ගණන් හා භාණ්ඩ විස්තර බෙදා හැරීම් සඳහා එකඟතාවක් අවශ්‍ය නොවේ. අනෙක් පද්ධති අතර ව්‍යාපාරික සබඳතාවක් අවශ්‍ය නැත.
උදාහරණ: www.auction.com
ගණුදෙනුකරුගෙන් ගණුදෙනුකරුට (C2C)
අන්තර්ජාලය හරහා පාරිභෝගිකයෙක් තවත් පාරිභෝගිකයෙකුට භාණ්ඩ හා සේවා විකිණීම C2C නම් වේ. සමහරවිට ලියාපදිංචි විය හැක. මිලදී ගත් විට තැපෑලෙන් එවීම නොමිලේ කරයි. පොත්පත්, පැරණි බඩු, මුද්දර, වීඩියෝ, දුරකථන ආදිය විකිණීමට හැකිය.
උදාහරණ: www.ebay.com
ගණුදෙනුකරුගෙන් ව්‍යාපාරයට (C2B)
පාරිභෝගිකයා විකිණුම්කරු ලෙසද, ව්‍යාපාරය මිලදී ගන්නා ලෙසද ක්‍රියා කරන අතර සපයන සේවාව සඳහා පාරිභෝගිකයාට ගෙවීමක් කරනු ලබයි.
උදාහරණ: www.priceline.com
ව්‍යාපාරයෙන් රජයට (B2G)
ඇතැම් ව්‍යාපාර කටයුතු වලදී රජය අන්තර්ජාලය හරහා තොරතුරු ඉදිරිපත් කරයි.
උදාහරණ: භාණ්ඩාගාර බිල්පත්‍ර හා භාණ්ඩාගාර බැදුම්කර වෙනුවෙන් මිල ගණන් කැදවීම, රජයේ මිලට ගැනීම් වලදී අන්තර්ජාතිකව ටෙන්ඩර් කැදවීම.
රජයෙන් ව්‍යාපාරයට (G2B)
ව්‍යාපාර සංවිධාන වලට ප්‍රවේශ වීම සදහා රජය විසින් B2G වෙබ් අඩවි භාවිතා කරයි. එවැනි වෙබ් අඩවි මගින් වෙන්දේසි, ටෙන්ඩර් කැදවීම් වැනි කාර්යයන් සදහා සහය ලබා දේ.
රජයෙන් ජනතාවට (G2C)
මෙහිදී ආණ්ඩුවෙන් පාරිභෝගිකයාට සේවාවක් සපයයි. ආණ්ඩුව මුදල් ඉතිරි කරන අතර වඩා වැදගත් තොරතුරු හා සේවාවන් මහජනයාට ලබාදේ.
උදාහරණ: මාර්ගගත බලපත්‍ර අලුත් කිරීම(Online License Renewal), බදු


