ජාල ආකෘති
ජාලයක් පුරා පරිඝනක උපාංග සම්බන්ධ වන ආකාරය අනුව ජාල සැලසුම් කල හැකි ආකාර කිහිපයක් තිබෙනවා. තොරතුරු ඉල්ලුම් කරනු ලබන පරිඝනක client හෙවත් සේවාලාභීයා ලෙසත්, තොරතුරු ලබාදෙන පරිඝනක server හෙවත්සේ වාදායක ලෙසත් හඳුන්වනු ලබනවා. මෙවැනි සේවාලාභී පරිඝනක සහ සේවාදායක පරිඝනක අතර සහ සම්බන්ධතාවය ප්‍රධාන ආකාර දෙකක් යටතේ සිදු වෙනවා. ඒ client server සහ peer-to-peer (P2P) කියන ආකාරයි.
Client-Server
සේවාලාභී සහ සේවාදායක ලෙස පරිඝනක දෙකක් අතර ඇති සම්බන්ධතාවය client-server ආකෘතියක් ලෙස හැඳින්වෙනවා. අන්තර්ජාලයට පිවිසීමට යොදාගන්නා web browser එකක් බොහෝවිට client කෙනෙක් ලෙස හඳුන්වන අතර එය ඉල්ලනු ලබන වෙබ් අඩවියක් server එකක් ලෙස හඳුන්වන්න පුළුවන්. වෙබ් අඩවි වලට පැමිණෙන පාරිභෝගිකයින් හෙවත් clients ප්‍රමාණය අති විශාල අගයක් ගන්නවනේ. එම එක් එක් clients ලාගේ අවශ්‍යතාවයනුත් එකිනෙක වෙනස් වෙනවා. මේ නිසා එම සෑම client කෙනෙකුගේම ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීමට නම් server එක හොඳ කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක වෙන්න ඕන. සමහර අවස්ථාවන් වල client, server එක ලෙසත් server එක client ලෙසත් මාරු වෙන්නත් පුළුවනි.

Peer-to-peer (P2P)
මෙහිදී server එකක වගකීම තනි පරිඝනකයකින් ගන්නේ නැහැ. ජාලයට සම්බන්ධ කුමන හෝ පරිඝනක එකක් හෝ කිහිපයක් මෙහිදී server එක ලෙස ක්‍රියාත්මක වී දත්ත ලබාදීමේ කටයුත්ත සිදුකරනු ලබනවා. ඔබ විසින් චිත්‍රපටි ගීත සහ මෘදුකාංග ආදිය බාගත කිරීමට torrents කියන වෙබ් අඩවි වර්ගය භාවිතා කරනවා ඇති. මේ torrents වෙබ් අඩවි ක්‍රියාත්මක වෙන්නෙත් peer 2 peer කියන ක්‍රමවේදයට අනුවයි.

Client-server ආකෘති වල ආරක්ෂාව Peer-to-peer ආකෘතියන්ට වඩා වැඩිය. එමෙන්ම Client-server ආකෘති වල දත්ත වල සත්‍යතාවය, විශ්වාසනීයත්වය ඉහල වේ.Client-server ආකෘති වල දත්ත ප්‍රධාන එක් server එකක ඇති අතර Peer-to-peer ආකෘති වල දත්ත ඕනෑම පරිඝණකයක තිබිය හැකිය.


