Breaking
Loading...
open source මෘදුකාංගයක් වන මෙම audacity යොදාගනු ලබන්නේ ශ්‍රව්‍යමය කොටස්,එනම් ගීත,නාදයන්,සංගීත කොටස් ආදිය නිර්මාණය කිරීමටත්,සංස්කරණය කිරීමටත්, අලුතෙන් කොටස් එකතු කිරීමටත් යොදාගන්න මෘදුකාංගයකි.
මෙම මෘදුකාංගය හරහා mp3, wav, midi, mpeg ආදී ඕනෑම වර්ගයක සංගීත කොටස් යොදාගෙන වැඩ කටයුතු කල හැකිය.



ගීත කොටස් කිහිපයක් එකවර භාවිතා කරමින් සංස්කරණය කිරීම, ශබ්ද පටිගත කිරීම, ඒවා සංස්කරණය කිරීම මෙන්ම අපට අවශ්‍ය වර්ග වලින් save කරගැනීම මෙහිදී සිදු කල හැකිය. මෙම මෘදුකාංගය භාවිතා කිරීමට ඔබට නොමිලේ සහය මෙන්ම පාඩම්ද ලබාගැනීම කල හැකිය. මෙය ඉතා සංකීර්ණ මෘදුකාංගයක් නොවන අතර භාගත කිරීම,ස්ථාපනය කිරීම මෙන්ම භාවිතා කිරීමද ඉතා පහසු වේ.



මෘදුකාංගය සඳහා අවශ්‍යතාවයන්

* මෘදුකාංගයේ ප්‍රමාණය - 25 MB
* මෙහෙයුම් පද්ධතිය - Windows xp/7/8/10
* මතකය (RAM) - 512 MB
* ඉඩ ප්‍රමාණය - 500 MB
* වේගය (Processor) - 1GHz Processor