Blender යනු ද්විමාන (2D) සහ ත්‍රිමාණ (3D) නිර්මාණ සැකසීමට භාවිතා කරන මෘදුකාංගයකි. චලන රූප (animation) සැකසීමට, ඒවා වර්ණවත් කිරීමට, විවිධ කොටස් එකතු කිරීමට මෙන්ම වීඩියෝ නිර්මාණ සැකසීමටත් මෙය භාවිතා කල හැකිය. මෙය open source මෘදුකාංග වර්ගයට අයත් වන නිසා ඔබට නොමිලේ ලබාගත හැකි මෙන්ම මෘදුකාංගය සම්බන්ධ ඕනෑම ගැටළුවක්,සහයක් ලබාගැනීම සඳහා ලොව නන් දෙසින් ඕනෑ තරම් blender භාවිතා කරන්නන්ගේ සහාය ලබාගත හැකිය.
Blender සතුව ඉතා උසස් මෙන්ම තරමක් සංකීර්ණ අතුරුමුහුණතක් ඇත. නමුත් එය තේරුම් ගැනීමට හෝ භාවිතා කිරීමේ අපහසුවක් නොමැත. මක් නිසාද යත් ඔබට මෘදුකාංගය හරහා එය භාවිතා කරන ආකාරයන් සහ විවිධ පාඩම් නොමිලේම ලබාගැනීම පහසුව තිබෙන නිසාය.
මෘදුකාංගය සඳහා අවශ්‍යතාවයන්
* මෘදුකාංගයේ ප්‍රමාණය - 62 MB
* මෙහෙයුම් පද්ධතිය - Windows xp/7/8/10
* මතකය (RAM) - 2 GB
* ඉඩ ප්‍රමාණය - 2 GB
* වේගය (Processor) - Intel Core 2 Duo හෝ ඉන් පසු





