Breaking
Loading...

HTML සිංහලෙන් ඉගෙන ගන්න



සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට සහ උසස් පෙළ විෂය නිර්දේශය ඇතුලත් කර ඇති විශේෂිතම පාඩම් වලින් එකක් තමයි මේ html කියන්නේ. විෂය කොටස් වලට අමතරව ප්‍රායෝගිකව භාවිතයට තිබෙන,වෙබ් අඩවි සංවර්ධනයේදී අනිවාර්යෙන්ම අවශ්‍ය වන කොටසක් නිසා මෙය ඉතා වැදගත් පාඩමකි. එම නිසා html ගැන මනා නිවැරදි දැනුමක් තිබීම අත්‍යාවශ්‍ය වෙනවා. එසේනම් HTML සරලව මුල සිටම පැහැදිලිව ඉගෙන ගමු.

මොකක්ද මේ html කියන්නේ? ඇයි මේක අවශ්‍ය වෙන්නේ? කොහොමද මේක භාවිතා කරන්නේ...? ඔබ අපි කවුරුත් දන්නවා අන්තර්ජාලයේ තියෙන්නේ වෙබ් අඩවි. මේ වෙබ් අඩවි වල අන්තර්ගත වෙලා තියෙන්නේ වෙබ් පිටු කියන ඒවා. ඉතින් මේ වෙබ් පිටු කෙනෙක්ට බලන්න කියන්වන්න පුළුවන් විදියට සකස් කරන්න ඕන. අන්න ඒක කරන්න තමයි අපි html භාවිතා කරන්නේ.

HTML යනු  Hyper Text Markup Language වේ.  මෙය භාවිතා කරන්නේ වෙබ් පිටු සංවර්ධනය කිරීම සඳහාය. මෙම HTML මුලින්ම නිර්මාණය කරන ලද්දේ ටීම් බර්න්ස් ලී කියන පුද්ගලයා විසින්. ඔයාලා ඔහු ගැන අහලා ඇතිනේ. www(world wide web) සංකල්පයේ නිර්මාතෘ වන්නේත් ඔහුනෙ. 1991 දී මුලින්ම ඔහු විසින් html සම්බන්ධ මුල්ම සම්මතයන් ඉදිරිපත් කරලා html මඟින් වෙබ් පිටු සකසන්න පුළුවන් කියලා සොයා ගත්තා.


HTML 1.0 1991 දී ඉදිරිපත් කල පසුව 1995 දී HTML 2.0 ද, HTML 4.01 1999 දීද, දැනට ලොව පුරා භාවිතා කරනු ලබන HTML 5 කියන සංකල්පය/විස්තාරණය 2012 දීත් ඉදිරිපත් කරනු ලැබුවා. ඉතින් වෙබ් පිටු නිර්මාණකරණය ගැන කෙනෙක් කැමැත්තක් දක්වනවා නම් අනිවාර්යෙන්ම HTML ගැන හොඳට අධ්‍යනය කරන්න ඕන. ඒක නිකන්ම කරලා බැහැ. හොඳට දැනුම අරගෙන ප්‍රායෝගිකව පුහුණු වෙන්නත් ඕන.

HTML වැඩ කරන්න මොනවාද අවශ්‍ය වෙන්නේ. අමුතු මෘදුකාංග දෘඩාංග එහෙම අවශ්‍ය වෙනවද? නැහැ..! ඒ මුකුත් ඕන නැහැ. සාමාන්‍ය(basic) HTML දැනුම ලබාගන්න ඕන වෙන්නේ සාමාන්‍ය පරිඝනකයක් සහ type කරන්න අවශ්‍ය වන ඕනෑම වර්ගයේ text editor (notepad) එකක් පමණයි. ඉතින්  notepad එක අරන් එකේ තමයි අපිට අවශ්‍ය වන code එක ලියන්න ඕන. හොඳට පුරුදු වෙනකන් හැම අකුරක්ම,පේළියක්ම ලියන්න ඕන. copy කරලා paste කරන වැඩේ නම් පුරුදු වෙන්නෙපා html ඉගෙන ගනිද්දී. එකෙන් වැඩේ ඉක්මන් උනාට තමුන්ගේ දැනුම සකස් වෙන්නේ,code ලියන්න අත හුරු වෙන්නේ නැහැ.

එහෙනම් html ගැන සරලව ඉගෙන ගන්න එක් එක් පාඩම සමඟ සම්බන්ධ වෙන්න.