RAD (Rapid Application development)
ඉතා වේගයෙන් සිදුවන මෘදුකාංග සංවර්ධන ක්‍රියාවලිය ලෙස හැඳින්වෙන්නේ මෙයයි. වර්තමානයේ බහුලව භාවිතා වන ක්‍රමය වන්නේද මෙය සාම්ප්‍රදායික ක්‍රම වලින් බැහැරව කටයුතු කරයි. තරඟකාරීව සහ වේගවත්ව මෘදුකාංග නිපදවීමේ රටාවක් වර්තමානයේ ඇති නිසා ඊට ගැලපෙන ලෙස මුහුණ දීමට මෙම ක්‍රමය බොහෝ උපකාරී වේ. අවශ්‍යතා හඳුනාගන්නා අතරම ඒවාට සුදුසු පිළියම් යොදමින් සංවර්ධනය කිරීම සහ, සිදුකල වැඩ කටයුතු පරීක්ෂා කිරීම ආදී සියලු පියවරයන් ඉතා ඉක්මණින්,වේගයෙන් සහ නිරවද්‍යව සිදු කිරීම මෙහිදී සිදුවේ.

ලක්ෂණ -
* නිර්මාණය කරන නිෂ්පාදිතය ඉක්මණින් ලබාදීමට හැකිවිය යුතුය.* නිර්මාණකරණය සහ කළමනාකරණ සඳහා ප්‍රවීණ දක්ෂ පුද්ගලයින් අවශ්‍ය වේ.
වාසි -
* වෙනස් වන සුළු අවශ්‍යතා ඇති ව්‍යාපෘති සඳහා යෝග්‍යය වේ.* සාර්ථකත්වය මිනුම් කල හැකිය.
* කෙටි කාලයක් තුල නිෂ්පාදිතය ලබාගත හැකිය.
අවාසි -
* මිල අධික ක්‍රම වේදයකි.* ඉතා දක්ෂ පළපුරුදු කණ්ඩායමක් අවශ්‍ය වේ.
* නව දියුණු තාක්ෂණික මෙවලම් අවශ්‍ය වේ.
* කුඩා ව්‍යාපෘති සඳහා නොගැලපේ.

