Spiral Model -

Spiral model යනු සර්පිලාකාර/දඟරාකාර ආකෘතියකි. මෙම ක්‍රමවේදය තුල ඇත්තේ ප්‍රධාන පියවර හතරකි.
ඒවා වන්නේ Identification, Design, Construct or Build,Evaluation and Risk Analysis වේ.
Identification - අවශ්‍යතා සහ පද්ධතිය තේරුම් ගැනීම මෙහිදී සිදු කෙරේ. client සහ පද්ධති/මෘදුකාංග විශ්ලේෂකයා සමඟ දිගටම සම්බන්ධතාවය පවත්වාගනිමින් අවශ්‍යතා හඳුනාගැනීම සහ තේරුම්ගැනීම සිදුකෙරේ.
Design - ගණිතමය නිර්මාණය, භෞතික නිර්මාණය සහ වාස්තු විද්‍යාත්මක නිර්මාණකරණය සිදුකිරීම මෙහිදී සිදුවේ.
Construct or Build - සර්පිලාකාර රටාව තුල නිෂ්පාදන කටයුතු සිදුකිරීම මෙහිදී සිදුවේ. එක් එක් පියවර යටතේ නිෂ්පාදනය සිදුකරන අතර ලැබෙන ප්‍රතිපලය client ට ඉදිරිපත් කිරීම තුල එහි අඩුපාඩු සකස් කල හැක.
Evaluation and Risk Analysis - Risk Analysis යනු අවදානම් විශ්ලේෂණය කර කළමනාකරණය කිරීමයි. මෙහිදී නිර්මාණය කරන මෘදුකාංගය හෝ පද්ධතිය ගැන අවදානම් හඳුනාගැනීම, ඇස්තමේන්තු කිරීම, අවදානය ලබාදීම, තාක්ෂණික ශක්‍යතා පරීක්ෂා කිරීම සහ අවදානම් කළමනාකරණය කිරීම සිදුකල යුතුය.
ලක්ෂණ -
* මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපෘති වලට සුදුසුය.* කාලයත් සමඟ අවශ්‍යතා වෙනස් වන ව්‍යාපෘති සඳහා ගැලපේ.
* අවශ්‍යතාවයන් සංකීර්ණ ව්‍යාපෘති වලට ගැලපේ.
වාසි -
* වෙනස් වන අවශ්‍යතා වලට අනුකූලව ක්‍රියාත්මක කල හැක.* අවශ්‍යතාවයන් පැහැදිලිව හඳුනා ගත හැක.
* ක්‍රියාවලිය අතරතුර client සහ users ලාට ප්‍රතිපල අත්විදිය හැක.
* සංවර්ධන ක්‍රියාවලිය කොටස් වලට කඩා කල හැකි නිසා අවදානම් සහගත බව අඩුය.
අවාසි -
* කළමනාකරණය කිරීම පහසු නැත.* ව්‍යාපෘතියේ අවසානය කෙසේ වේදැයි කලින් කිව නොහැක.
* කුඩා සහ අඩු අවදානම් ව්‍යාපෘති සඳහා නොගැලපේ.
* ක්‍රියාවලිය සංකීර්ණ වේ.
* ගතවන කාලය සහ පිරිවැය අධිකය.


