Iterative Model -
මෙය දියඇලි ආකෘතියට වඩා වෙනස් දියුණු ක්‍රමයකි. මෙහිදී අවශ්‍යතාවයන් වෙන වෙනම සළකා බලමින් එම එක් එක් අවශ්‍යතාවයන් වෙන වෙනම ගොඩනැගීම,පරීක්ෂා කිරීම, ක්‍රියාත්මක කිරීම සිදුවේ. අවසානයේ සියලුම කොටස් එකට ගෙන සම්පූර්ණ පද්ධතියක් ලෙස සළකා අවසන් ප්‍රතිඵලය/නිෂ්පාදිතය ඉදිරිපත් කරනු ලබයි.

Iterative Model හි ලක්ෂණ -
* අවශ්‍යතාවයන් නිවැරදි සහ පැහැදිලි විය යුතුය.
* නව තාක්ෂණය භාවිතා කෙරේ.
* අවශ්‍යතාවයන් අනුව මානව සහ භෞතික සම්පත් වෙනස් විය හැකිය.
වාසි -
* ප්‍රතිඵල ලබාගැනීමට සියලු පියවරයන් අවසන් වන තුරු සිටිය යුතු නැත.* සාර්ථකත්වය මිනුම් කල හැක.
* වෙනස් වන අවශ්‍යතාවයන් සඳහා යොදාගත හැකිය.
* කළමනාකරණය කිරීම පහසුය.
* සම්පූර්ණ ක්‍රමවේදය අවසන් වීමට පෙර ප්‍රතිපල කොටස් වශයෙන් ලැබෙන නිසා අඩුපාඩු වෙනස්කම් පහසුවෙන් කල හැක.
* විශාල ඉලක්කගත ව්‍යාපෘති සඳහා සුදුසුය.
අවාසි -
* විවිධ අවශ්‍යතාවයන් කොටස් වශයෙන් සිදුකරන නිසා අවශ්‍ය වන මානව හා භෞතික සම්පත් ප්‍රමාණය වැඩිය.* එම නිසාම සිදුවන පිරිවැය වැඩිය.
* කුඩා ව්‍යාපෘති සඳහා නොගැලපේ.
* නව තාක්ෂණික ක්‍රම භාවිතා කරන නිසා ඉතා දක්ෂ වැඩ කරන පිරිසක් අවශ්‍ය වේ.


