Waterfall Model -

මෙය සාම්ප්‍රදායික මෙන්ම බහුලව භාවිතා කරන ප්‍රධානම ක්‍රමවේදයකි. නමුත් මෙහි කාලය ගතවීම වැඩි නිසා ඇතුළු කරුණු කිහිපයක් නිසා වර්තමානයේ තරගකාරී මෘදුකාංග නිර්මාණකරණය තුල භාවිතය අඩුවී ඇත. මෙය දියඇල්ලක ආකාරයෙන් ඉහල සිට පහලට පියවරෙන් පියවර සිදුවන ක්‍රමවේදයකි. මෘදුකාංග නිර්මාණ ක්‍රියාවලියේ ඇති කාර්යයන් පියවර කිහිපයක් යටතේ සිදුකිරීම මෙහිදී වේ.
එක් පියවරක් අවසන් වූ පසු ඊළඟ පියවර සිදු කිරීම මෙහිදී සිදුවේ. එක් පියවරක් සම්පූර්ණයෙන්ම අවසන් වනතුරු ඊළඟ පියවරට යා නොහැකිය. මෙම ක්‍රමවේදය තුල පහත ලක්ෂණ තිබේ.
* අවශ්‍යතාවයන් පැහැදිලිව නිවැරදිව ඉදිරිපත් කිරීම සහ තේරුම් ගැනීම සිදුවිය යුතුය.
* අවශ්‍යතාවයන් වෙනස් විය නොහැක.
* ව්‍යාපෘතිය කෙටි කාලීන විය යුතුය.
* ව්‍යාපෘතිය සංකීර්ණ නොවිය යුතුය.
මෙම ක්‍රමවේදයේ වාසි -
* සරල ක්‍රමයකි.* කළමනාකරණ කිරීමට පහසුය.
* කුඩා ව්‍යාපෘති සඳහා සුදුසුය.
* එක් එක් පියවරයන් නියමිත කාලයකදී අවසන් වේ.
* ඉලක්කයන් පැහැදිලිය
මෙම ක්‍රමවේදයේ අවාසි -
* සම්පූර්ණ ක්‍රියාවලිය අවසන් වනතුරු නිෂ්පාදිතය නොලැබේ.* සංකීර්ණ දිගුකාලීන ව්‍යාපෘති සඳහා නොගැලපේ.
* නිරන්තරයෙන් වෙනස්වන සුළු අවශ්‍යතා සහිත ව්‍යාපෘති සඳහා නොගැලපේ.
* ගතවන කාලය වැඩි විය හැකිය.
* අතරමැදි පියවරකදී සිදුවන අඩුපාඩුවක් නිසා සම්පූර්ණ ව්‍යාපෘතියම ඇනහිටිය හැක.


