Breaking
Loading...
PHP සිංහලෙන් - III

PHP සිංහලෙන් - III

PHP install කිරීම -

PHP install කිරීමට ඔබට අමුතුවෙන් මෘදුකාංග රැසක් අවශ්‍ය වන්නේ නැහැ. Windows පරිසරයක PHP යෙදීමට කිරීමට අවශ්‍ය වන්නේ WAMP හෝ XAMP install කිරීම පමණයි.



WAMP install කිරීම-

WAMP යන්නෙහි අර්ථය වන්නේ Windows, Apache,MySQL සහ PHP යන්නයි. මෙහෙයුම් පද්ධතිය Windows වන අතර Apache server එක ලෙසද,MySQL database එක ලෙසද, PHP භාෂාව ලෙසද අපිට ලබාගත හැකිය.


1. පළමුව WAMP server එක download කරගන්න. මෙය විවෘත නොමිලේ ලැබෙන මෘදුකාංගයක් වන නිසා කිසිදු ගෙවීමකින් තොරව ඔබට එය ලබාගන්න පුළුවන්.


2. ලබාගත් මෘදුකාංගය පහත ක්‍රමවේද අනුගමනය කරමින් install කරගන්න.



















3. install කිරීමෙන් අනතුරුව ඔබේ වැඩකටයුතු සිදු කිරීමට සුදුසු web browser එකක් භාවිතා කරන්න.

4. පහත ආකාරයට ඔබේ desktop එකේ ඇති WAMP server එක විවෘත කරගන්න. web server එක නිවැරදිව ක්‍රියාත්මක වේද යන්න පරීක්ෂා කිරීමට web browser එකේ address bar එකේ Localhost ලෙස type කර ok කළවිට පහත ආකාරයට පෙන්නුම් කරයි නම් WAMP server එක නිවැරදිව ක්‍රියාත්මක වේ.