Windows කියන්නේ අපි හැමෝම භාවිතා කරන මෙහෙයුම් පද්ධතියක් කියලා දන්නවානේ. මේක හැබැයි නිකන්ම නිකන්මෙ හෙයුම් පද්ධතියකට එහා ගියපු මෘදුකාංග ගණනාවක එකතුවකුත් සමඟ එන දෙයක්. ඉතින් වසර ගණනාවක් තිස්සේ ඔබේ මේ Windows xp,7,8,10 යන කුමන එක භාවිතා කරත් ඔබට හුරුපුරුදු වූ මෘදුකාංග ගණනාවක් මෙහි අන්තර්ගත වෙලා තිබුන නේද. උදාහරණයක් විදියට Windows Media Player, Disk Cleanup, Internet Explorer වගේ ඒවා. තව ඔබට මතකද පරිඝනකය භාවිතා කරන්න ගත්ත මුල් කාලෙම ඔබ එකෙන් චිත්‍ර ඇදපු හැටි? මොකක්ද ඒකට ඔබ භාවිතා කරේ? Paint ! Paint තමයි පරිඝනකය භාවිතා කරන්න ගත්ත හැමෝගෙම මුල්ම චිත්‍ර ඇදපු මෘදුකාංගය වුනේ. ඉතින් මේ කියන්න යන්නේ ඒ Paint ගැන දුක හිතෙන කතාවක්.
ඒ තමයි අපි ඉස්සෙල්ලාම පරිඝනකයෙන් චිත්‍ර අදින්න පුරුදු වුනු මේ Paint මෘදුකාංගය මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඔවුන්ගේ මීළඟ Windows මෙහෙයුම් පද්ධතිය තුලින් ඉවත් කරන්න යනවා. 1985 දී මුලින්ම Windows 1.0 සමඟ එකතුවූ මෙය වසර ගානක් තිස්සේ යාවත්කාලීන කිරීමක් නැතිව තමයි තිබුනේ.
වර්තමානය වන විට චිත්‍ර ඇතුළු විවිධ ග්‍රාෆික නිර්මාණය කිරීම සඳහා 3D තාක්ෂණික මෘදුකාංග තිබෙන නිසා 2D චිත්‍ර නිර්මාණය කිරීමට යොදාගන්නා මෙම Paint භාවිතයෙන් ඉවත්වී යන නිසා තව දුරටත් එය සමඟ මෙහෙයුම් පද්ධති නිර්මාණය කිරීම ඵලක් නොවන බවයි windows නිර්මාණකරුවන් පවසන්නේ.
මේ සමඟ 3D Builder app, Apndatabase.xml, Enhanced Mitigation Experience Toolkit (EMET), Outlook Express, Reader app වැනි මෘදුකාංගද නව මෙහෙයුම් පද්ධතිය තුලින් ඉවත් කර දමන බව ඔවුන් පවසනවා.

