Microsoft word කියන්නේ අපි හැමෝම දන්නා ලිපි නිර්මාණ ආදිය සෑදීමට යොදාගන්නා මෘදුකාංගයක්. Microsoft සමාගමේ Office මෘදුකාංග එකතුව සමඟ එන මෙය තමයි අපි ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ. අපි මෙම මෘදුකාංගයේ ව්‍යාජ පිටපත් භාවිතා කරාට ඇත්තෙන්ම මෙය මුදල් දී මිලදී ගත යුතු මෘදුකාංගයක්. මෙහි මිල ඉතාමත් අධිකයි. එමෙන්ම අපි භාවිතා කරන ව්‍යාජ පිටපත් වල සමහර කටයුතු කරන්න අවස්ථාව නැහැ. එමෙන්ම හදිස්සියේම අන්තර්ජාලය හරහා සිදුවන auto update කිරීමක් වුනොත් Microsoft සමාගම විසින් අපගේ මෙම ව්‍යාජ පිටපත් මෘදුකාංගය හසු කරගන්නවා. එවිට අපිට අනිවාර්යෙන්ම මෘදුකාංගය යාවත්කාලීන කිරීමට සිදුවෙනවා. ඉතින් මේ නිසා සමහර වෙලාවට මෙම Word මෘදුකාංගය සමඟ වැඩ කරන එක හිරිහැරදායක වෙනවා.

අපි මේ කියන්න යන්නේ Word වෙනුවට භාවිතා කල හැකි ආදේශක මෘදුකාංග කිහිපයක් ගැනයි.
OpenOffice කියලා කියන්නෙත් Microsoft Office වෙනුවට භාවිතා කල හැකි විවෘත නිදහස් මෘදුකාංගයක්. මෙය නොමිලේම ලබාගත හැකි නිසා කිසිදු වියදමක් දරන්න අවශ්‍ය වන්නේ නැහැ. මෙහි අඩංගු Writer යන්න Word වෙනුවට භාවිතා කල හැකි හොඳම ආදේශකයක්. Windows,Mac OS සහ Linux පරිඝනක මෙහෙයුම් පද්ධති සියල්ලටම සහය දක්වනවා.

මෙයත් word වෙනුවට භාවිතා කල හැකි කදිම මෘදුකාංගයක්. මෙම මෘදුකාංග එකතුවේ Write, Spreadsheet, Database, Photopaint, Presentation, සහ Photoalbum කියන මෘදුකාංගත් අඩංගු වෙනවා. හැබැයි මෙය මුලින්ම ලබාගන්න වෙන්නේ දින 30 ක Trial එකක් ලෙසයි.

3. Abiword
මෙයත් word වෙනුවට භාවිතා කල හැකි තවත් හොඳ මෘදුකාංගයක්. මෙයත් ඔබට සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාගන්න පුළුවන් වීම ලොකු වාසියක්.

4. KWord
KOffice මෘදුකාංග එකතුවෙන් තමයි KWord කියන වදන් සැකසුම් මෘදුකාංගය අඩංගු වෙන්නේ. Windows වගේම Linux සහ Unix මෙහෙයුම් පද්ධති වලටත් මෙය සහය දක්වනවා.

Windows මෙහෙයුම් පද්ධතිය සමඟ වැඩ කල හැකි තවත් වදන් සැකසුම් මෘදුකාංගයක් ලෙස මෙයද හැඳින්විය හැකිය.


